චීන හැකර්වරුන් අනිසි මෘදුකාංග භාවිතා කරලා.

ඇමෙරිකානු ගුවාම් වරාය සහ ගුවන් කදවුරට දරුණු සයිබර් ප්‍රහාරයක් එල්ල කිරීම සදහා චීන හැකර්වරුන් අනිසි මෘදුකාංග යොදා ගෙන ඇති බව මයික්‍රොසොෆ්ට් සමාගම සහ බටහිර ඔත්තු ඒජන්සිය ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ඇමෙරිකාව , බ්‍රිතාන්‍ය , ඕස්ට්‍රේලියාව , නවසීලන්තය , කැනඩාව යන රටවල්වල බුද්ධි අංශ සමග එක්ව මයික්‍රොසොෆ්ට් සමාගම ඊයේ (24) මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබේ.

නමුත් මෙම අනාවරණය චීනය ප්‍රතික්ෂේප කර තිබෙන අතර එම වාර්තා වෘත්තීය නොවන මට්ටමේ චෝදනා බව ප්‍රකාශ කර තිබේ.

Exit mobile version