චෙක් ජනරජයේ අතිගරු මිලාන් හොවෝර්ක් තානාපති හා මහජන ආරක්ෂක ඇමති අතර හමුවක්

අද (16) චෙක් ජනරජයේ අතිගරු මිලාන් හොවෝර්ක් තානාපති සහ මහජන ආරක්ෂක ඇමති රියාර් ඇඩ්මිරාල් අචාර්ය ගරු සරත් වීරසේකර අතර හමුවක් අමාත්‍යංශයේ දී පවත්වා ඇත.

එහිදී දෙපාර්ශවය අතර ආරක්ෂාව ,තොරතුරු හුවමාරු කරගැනීම සහ දෙපාර්ශවයේ සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳ සාකච්ඡා පවත්වා ඇත.

එමෙන් ම එල්.ටී.ටී.ඊ.යුද සමයේ දී මෙරට වෙත ලබාදුන් සහයෝගය පිළිබඳව ද මෙහිදී අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් සිය කෘතඥතාවය පළ කර ඇත.

මෙම සාකච්ඡාව සඳහා චෙක් ජනරජයේ කොන්සල් ජනරාල් වෛද්‍ය ලෝහිත සමරවික්‍රම, මහාචාර්ය රොහාන් ගුණරත්න, අචාර්ය සන්ජේ පෙරේරා සහ මධුරංග පෙරේරා යන මහත්වරුන් ද සහභාගී වී ඇත.

Exit mobile version