ඡන්දයට කලින් ප්‍රතිඵල, කලින් අය බලපු හැටි හා ස.ජ.බ. මෙවර බලන හැටි තිස්ස කියයි.

මෙවර පළාත් පාලන මැතිවරණයේදී තම පක්ෂය ලබාගන්නා ඡන්ද ප්‍රමාණය කලින් දැනගන්නා ක්‍රමයක් ගැන අන්තර්ජාල මාධ්‍ය හරහා අදහස් දක්වමින් ස.ජ.බ. පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ප්‍රකාශයක් කර තිබේ.

ඔහු ප්‍රකාශ කරන පරිදි “රජය විසින් ගම්මට්ටමේ සිටින සමෘද්ධි හා කෘෂිකර්ම නිලධාරීන් හරහා රාජ්‍ය යාන්ත්‍රනයෙන් ගම් මට්ටමින් තොරතුරු ලබා ගනිමින් බැසිල් ප්‍රකාශ කරනවා අපි මෙච්චර ප්‍රමාණයකින් දිනුම් කියලා එහෙම  කියන්න පුළුවන් එයාල හරි ” යැයි සදහන් කරන ලදී.

ඒ සදහා ඒ කාලයේ සමෘද්ධි හා කෘෂිකර්ම නිලධාරීන්ගේ බලපෑමක් ජනතාවට තිබු බවත් දැන් එලෙස නැතිබවද ඒ මහතා ප්‍රකාශ කරන ලදි.

“අපිත් මෙවර එහෙම කියනවා හැබැයි අපි කියන්නේ රාජ්‍ය යාන්ත්‍රනයෙන් තොරතුරු අරගෙන නෙවයි. අපි තොරතුරු ලබාගන්නේ ‘ජන පවුර’ ස්වෙච්ඡා සංවිධානය හරහා. මාසයක් ඇතුලත අපිට කියන්න හැකි වෙයි මෙච්චර ගානකින්, මෙන්න මේ පළාත් පාලන ආයතන අපි දිනනවා කියලා” යැයි ඒ මහතා ප්‍රකාශ කරන ලදී.

https://fb.watch/j7R6VNDLqx/?mibextid=qC1gEa

Exit mobile version