ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව අද වන විට ජනතාව අතර හාස්‍ය මතුකරන දෙපාර්තමේන්තුවක් බවට පත්ව තිබේ.ඊට හේතුව වී ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුවේ සිටින ඇතැම් නිලධාරීන් විසින් සිදුකරන දූෂිත ක්‍රියාවන් නිසාවෙනි.
රටේ නීතිය සහ සාමය සුරැකීමේ වගකීම මෙන්ම ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ වගකීම් දරන මෙම දෙපාර්තමේන්තුව අල්ලස් සහ දූෂණ චෝදනා රැසකට වර්තමානය වන විට ගොදුරු වූ දෙපාර්තමේන්තුවක් බවට පත්ව ඇත්තේ ජඩ වැඩ කරන නිලධාරීන්ගේ නොමනා වැඩ නිසාවෙනි.
එසේ වුවත් දෙපාර්තමේන්තුවේ නම රැකෙන අයුරින් ඊට ආඩම්බරයක් එක් කරමින් කටයුතු කරන ඇතැම් පොලිස් නිලධාරීන් ද මේ අතර අපට හමු වේ.එවැනි වටිනා නිලධාරීන්ගේ ක්‍රියා ද අප විසින් අවස්ථා කිහිපයකදී ම පෙන්වා දෙන ලදී.මෙවර ද අප එවැනිම වූ තවත් වටිනා ක්‍රියාවක් සඳහා මුල පුරන පොලිස් ස්ථානයක් පිළිබඳව සඳහන් කරන්නේ පොලිස් දෙපාර්තමේන්තුව වෙත යම් වටිනාකමක් එකතු කිරීම සදහාය.
ඒ රත්නපුර දිස්ත්‍රික්කයේ ,ගොඩකවෙල පොලිස් ස්ථානය පිළිබඳවයි.”පැළයක් සිටුවා අලුත් අවුරුද්ද පටන් ගමු” යන මැයෙන් ගොඩකවෙල පොලිස් ස්ථානාධිපතිවරයාගේ අදහසකට අනුව එම ගොඩකවෙල පොලිස් බලප්‍රදේශය තුළ රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක වීමට නියමිතව තිබේ.
ගොඩකවෙල මහින්දාරාමධිපති කෝම්පිටියේ සුසීල නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ,ගොඩකවෙල පොලිස් ස්ථානයේ ප්‍රජා පොලිස් ඒකකයේ අනුග්‍රහය සහ ප්‍රදේශවාසීන්ගේ ද දායකත්වය ඇතිව මෙම රුක් රෝපණ වැඩසටහන දෙසැම්බර් මස 30 වනදා ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.
ඒ අනුව දෙසැම්බර් මස 30 වනදා උදෑසන 09.00ට ගොඩකවෙල සිට පල්ලේබැද්ද දක්වාත්, උදෑසන 10.00 පල්ලේබැද්ද සිට ගල්පාය දක්වාත්, උදෑසන 11.00 සිට ගල්පාය සිට මගයාය පුස්සතොට දක්වාත් දහවල් 12.00 මගයාය සිට රංවල දක්වාත්, දහවල් 01.00 ට නියංගම හරහා ගොඩකවෙල දක්වාත්, දහවල් 02.00 ට වේරහැර හරහා අම්මඩුව දක්වාත්, සවස 03.00 ට ගොඩකවෙල, ඇමිටියගොඩ, රිදීවිට හරහා මස්ඉඹුල දක්වාත් සවස 04.00 ට මැද්දේගම හරහා බිබිලේගම දක්වාත් මෙම පැල බෙදා දීමේ ක්‍රියාන්විතය දියත් කිරීමට නියමිතව තිබේ. එසේ ලැබෙන පැළ ජනවාරි පළමුවනදා නොහොත් අලුත් අවුරුද්දට සිටවා තමන් ජීවත්වන පරිසරය සුරකීමේ කාර්ය සමග නව අවුරුද්ද අර්ථවත්ව පවත්වාගෙන යාමට මහජනතාව උනන්දු කිරිම මින් සිදුවනු ඇ.
මේ ආකාරයෙන් රුක් රෝපණය කිරීම සදහා අවශ්‍ය පැළ වර්ග ලබා දීම ප්‍රදේශයේම ජනතාව විසින්ම සිදුකිරීම තවත් විශේෂත්වයකි.
