ජනතාවගේ ප්‍රශ්න විහිලුවකට ගන්න එපා – විමල් වීරවංශ

ඊයේ (28) පැවති මාධ්‍ය හමුවකට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රකාශ කර සිටියේ ජනතාව මුහුණ දී ඇති ගැටලු සම්බන්ධව පාර්ලිමේන්තුව තුළදී කතා කිරීමේදී එය විහිලුවකට නොගෙන ජනතා පරමාධිපත්‍ය සුරැකීම සදහා ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බවයි.

වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පළාත් පාලන මැතිවරණය සදහා වැය වන මුදල රුපියල් බිලියන 1.1 දක්වා අඩු කිරීමට හැකියාවක් පවතින බව ඊයේ (28) පැවති සාකච්ඡාවකදී මැතිවරණ කොමිසම ප්‍රකාශ කළ බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වීය .

“රටේ ජනාධිපති මේ ආර්ථික අර්බුදයෙන් දුකට විපතට පත්වෙලා ඉන්න මිනිස්සුන්ට උත්තර සපයනවා වෙනුවට.. පාර්ලිමේන්තුවට ඇවිල්ලා සාක්කු දෙකට අත්දෙක දාගෙන කැරකි කැරකි.. තියන්න ඡන්දයෙකුත් නැහැ ඡන්දය තියන්න සල්ලිත් නැහැ කියලා කෝලම් කියන එක බලන්න අමාරුයි.. ඔය ඔක්කොම පීඩනයට වඩා.”

“අද අපේ නිදහස් ජනතා සන්ධානයේ ලේකම් තිලංග සුමතිපාල මහතා ඇතුළු පිරිසක් මැතිවරණ කොමිසමේ නිලධාරීන් හමුවී සාකච්ඡා කරන්න ගියා. ඒ අය දන්වලා තියෙනවා බිලියන 1.1ක්.. අවම මේ මුදල දෙන්න අපි ඡන්දෙ තියන්න ලෑස්තියි කියලා. බිලියන 1.1ක් භාණ්ඩාගාරයේ නැහැ කියලා කියනවා නම් කාටවත් පිළිගන්න බැහැ.”

Exit mobile version