ජනතාව ඉල්ලන පනතක් ගේන්න ජනපති සුදානම්.

ශ්‍රී ලංකාව විනාශයට බලපෑ සියලු අණපනත් නිර්මාණය කිරිමට මහජන නියෝජිතයන් අත උස්සන්නේ මහින්ද රාජපක්ෂ යුගයේදීය. එම යුගයේ බිහි කල දුෂණය සහ වංචාවට තිත තැබිය යුතුය. එම දූෂණය මැඩලීම සඳහා පනතක් ගෙන ඒමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (9) ප්‍රකාශ කළේ, 9 වන පාර්ලිමේන්තුවේ සිව්වන සැසි වාරයෙදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමිනි.

ලෝක බැංකුව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග එක් වී සොරකම් කළ වත්කම් යළි සොයා ගැනීමට අදාළ ප්‍රතිපාදන එම පනතට ඇතුළු කිරීමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා එහිදී පැවසීය. අනතර් ජාතික මූල්‍ය අරමුදලට ලෝකයේ තිබෙන මුදල් පිලිබදව විස්තර ලබා ගත හැකිය.

ඔහු සඳහන් කළේ, එවැනි පනතක් ගෙන ඒම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසියක් බව ය.

“ලෙඩා ගොඩ ගත් වහා ම තවත් පියවරක් ගන්නවා. තවත් මෙවැනි අර්බුදයක් ඇතිවීමට ඇති සියලු ඉඩකඩ අහුරා දැමීම. මේ අරමුණින් අපි දූෂණය මැඩලීමේ පනතක් ගෙන ගෙන එනවා. ලෝක බැංකුව සහ එක්සත් ජාතීන් සමග එක්ව සොරකම් කළ වත්කම් යළි සොයා ගැනීමේ ප්‍රයත්නය මේ පනතට ඇතුළු කරන්න අපි පියවර ගන්නවා. ඒක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසියක්.”

ඔහු එහිදී වැඩිදුරටත් සදහන් කලේ,

“මාස 5ක් 6ක් කෙටි කලක් මේ අමාරුව විඳදරා ගත්තොත් විසඳුමක් වෙත යන්න පුළුවන්. මෙහෙම ඉදිරියට ගියොත් අවුරුද්දේ තුන්වන හතරවන කාර්තුව වෙද්දී රාජ්‍ය සේවකයින්ට වැඩිපුර දීමනාවක් දෙන්න අපිට පුළුවන්. පුද්ගලික අංශයේ සේවකයින්ට සහන දෙන්න පුළුවන්. රටේ ම ජනතාවගේ අතමිට අදට වඩා සරු කරන්න පුළුවන්. රැකියා අදායම් මාර්ග වැඩි කරන්න පුළුවන්. බැංකු පොළී අඩු කරන්න පුළුවන්. තව අවුරුදු 3ක් ගත වෙද්දී අද ලබන ආදායමට වඩා 75%කට වඩා වැඩි අදායමක් ලබන්න රටේ ජනතාවට පුළුවන්.” ලෙසය.

Exit mobile version