ක්ෂේත්‍ර කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා බවට සඳහන් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
මේ අනුව විදුලි බල සැපයුම සම්බන්ධ සියලු සේවා – ඛණිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන
සැපයීම හෝ බෙදාහැරිම – රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම සේවාවක්, වැඩ හෝ ශ්‍රමය අත්‍යවශ්‍ය ඝනයට යටත් කර තිබෙනවා.
