ජනපතිගෙන් ,හිටපු ජනපතිට අනතුරු ඇඟවීම්!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙ‌න්නේ මෙම අවස්ථාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යළි ශ්‍රී ලංකාවට පැමිණීමට සුදුසු කාලය නොවන බවයි.

ජාත්‍යන්තර වෝල් ස්ට්‍රීට් ජර්නයලය සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර ඇත.

රට තුළ උද්ගත වූ ආර්ථික අර්බුදය හේතුකර ගනිමින් ඔහුව සිය ධූරයෙන් නෙරපා හැරීමට පෙළ ගැසැනු දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් ඔහු යළි දිවයිනට පැමිණීම තුළින් යළි විරෝධතා ආරම්භ කිරීමට ඉඩ ඇති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

Exit mobile version