මේ වන විට රට පුරා තිබෙන ගැටලුවලින් පීඩිත ජනතාව අති ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙතද තර්ජනයක් වෙමින් පවතී. එපමණක්ද නොව රජය පාර්ශ්වයන්ට අයත් මැති ඇමැතිවරුන්ටද, ප්‍රධාන නිලදාරින්ටද මෙම තර්ජනය තිබේ. තර්ජනය කෙතරම් පුළුල්විය හැකිද යත් තමන් ලඟම සිටින පුද්ගලයන් පවා විශ්වාස කිරීමට බැරි තරමට තර්ජන උග්‍ර වනු ඇතිබවටද උපකල්පනය කල හැකිය.
මේ තර්ජනයන් වල හේතුව සහ තර්ජනයට ලක්ව තිබෙන්නේ රට තුල පවතින දැඩි ආර්ථික ගැටළු හේතුවෙනි. එසේම එම තර්ජනයන් පවතින්නේ පක්ෂ පාට බේදවලින් තොරවයි. මේවා අදාළ බුද්ධි අංශ නිසි ලෙස වර්තාකරනු ඇති බව විස්වාස කලා හැකිය.
ඒ අතරේ විවිධ දේශපාලන පක්ෂද, ජනතාව සමග යම් යම් උද්ඝෝෂණ සිදු කරමින් තිබුනත් එවැනි උද්ඝෝෂණ වලින් දැවැන්ත හානියක් සිදු නොවේ. නමුත් හදුනා නොගත් යම් යම් පුද්ගලයන් සහ කණ්ඩායම් විසින් විවිද කල්ලි සහ කණ්ඩායම් නිර්මාණය කරමින් තිබේ. එසේ නිර්මාණය වීම කිසි සේත්ම සුදුසු නැති වුවත්, මේ වන විටත් අප්‍රේල් මස 03 වැනිදා පැවැත්වෙන උද්ඝෝෂණයද එසේ නිර්මානය වී තිබෙන අතර මේ වන විට සියලු දේශපාලන පක්ෂද එයට සූදානම් වෙමින් තිබෙන බව දක්නට තිබේ.
එබැවින් අපද පුරවැසියන් ලෙස අති ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානයට යොමු කරනුයේ, තිබෙන සියලුම ප්‍රශ්න කඩිනමින් විසඳිය හැකි ප්‍රශ්න බැවින්, යම් සමාජ විද්‍යාඥයන් කණ්ඩායමක් සහ ප්‍රජා සංවර්ධනය පිලිබඳව දැනුමැති බිම් මට්ටමේ සිට ඉහලටම දැනුමැති ස්වාදීන කණ්ඩායමක් පත් කර තිබෙන ගැටළු සහ ඒවාට කඩිනම් විසදුම් ඔවුන්ගෙන්ම ලබා ගැනීමට කටයුතු කරන ලෙසයි. එය එසේ වුවහොත් පමණක් මේවා විසඳිය හැකි වනු ඇති අතර දේශපාලන දෑසින් බලමින් මේවාට නිසි පිළිතුරු හෝ විසඳුම් නොලැබෙනු ඇති බව අවධාරණය කරන්නෙමු.
එබැවින් අපද ඕනෑම වේලාවක අපගේ සමාජ සහ ප්‍රජා සංවර්ධන දැනුම කිසිදු අය කිරීමකින් තොරවම ජනාධිපතිතුමා සහ රජය වෙත මව් බිම වෙනුවෙන් ලබා දීමට සූදානම්ව සිටී. මව් බිමේ හෝ ජනතාවගේ පීඩාවන් හෝ විනාශයන් සිදු වීම අප සියලුම දෙනාගේ ජීවිත වලට බලපෑම් එල්ල කරනු ඇත.
තරුණ සහ ප්‍රජා සංවර්ධනය පිලිබඳ උපාධි අපේක්ෂක, වීවෘත විශ්ව විද්‍යාලය, නාවල, නුගේගොඩ.
