ජනපතිට‌ වෛද්‍ය වාර්තාවක්.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් මෙරට පවතින ඖෂධ අර්බුදය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කරන ලද ත්‍රිපුද්ගල කමිටු වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දී ඇත.

අද (03) දහවල් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ජනාධිපතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණ.

මෛ සාකච්ඡාවේ දී සෞඛ්‍ය ක්ෂේත්‍රයට සහ වෛද්‍යවරුන්ට මුහුණදීමට සිදුව ඇති ගැටලු සම්බන්ධයෙන් සහ ඖෂධ හිඟය පිළිබඳව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ජනාධිපතිවරයා දැනුවත් කර ඇත.

Exit mobile version