මේ වන විට ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් සදහා අත්සන් තබා ඇති බව වාර්තා වේ.
ඒඅනුව එහි මගීන් හෝ භාණ්ඩ, පිටකිරීම්, මැදිරි, ගොඩබෑම්, ගබඩා කිරීම්, බෙදාහැරීම් සහ අහාර පාන හෝ ගල් ඇගුරු තෙල්, ඉන්ධන, ඕනෑම වරායක් තුල ඇති යාත්‍රා වලින් ඉවත් කිරීම සදහා පොදු ප්‍රවාහන සේවා ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි සදහන් වන්නේ.
තවද මාර්ග, පාලම්, බෝක්කු, ගුවන්තොටුපල, වරාය, දුම්රියමාර්ග, දුම්රිය හෝ ගුවන් මගින් ප්‍රවාහන සේවා සදහා පහසුකම් සැපයීම නඩත්තු කිරීම යන සේවාවන් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්‍යාවශ්‍ය සේවා ලේස නම් කොට ඇති බවයි සදහන් වන්නේ,














































