කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ ඔහු ජනපති ගෝඨාභය රාජපක්ෂ දිවයිනෙන් බැහැරව ගිය බවට තමන් විසින් බීබීසී ලෝක සේවාව වෙත කළ ප්‍රකාශය වැරදීමකින් සිදු වූවක් බවයි.
ඉන්දීය ජාත්‍යන්තර පුවත් සේවාවක් වන ANI පුවත් සේවය වෙත දුරකථනය ඔස්සේ අදහස් දක්වමින් කථානායකවරයා මේ පිළිබඳව සඳහන් කර ඇත.
එහි දී ඔහු පෙන්වා දුන්නේ “ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තවමත් රට තුළ සිටින අතර, (බීබීසී) සම්මුඛ සාකච්ඡාවේ දී මට වැරදීමක් සිදුවිය” ලෙසයි.
ඊයේ (11) දින කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා බීබීසී හමුවේ ප්‍රකාශ කරන ලද්දේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනෙන් පිටව ගොස් ඇති බවත්, ඔහු සිටින්නේ ආසන්න රටක බවත්, බදාදා වන විට ඔහු යළි දිවයිනට පැමිණෙන බවත් ය.
