ජනපති රනිල් පැරණි දේවාල වලට අත තියයි.බෞද්ධ කටයුතු කොමසාරිස් දියවඩන නිලමේ සමග ගහපු තවත් ගේමක් අනාවරණය වෙයි.

දශක කිහිපයක් තිස්සේ ශ්‍රී ලංකාවේ මිනිස් බහිරවයන් සහ බාහිරව රාජ්‍ය නිලධාරීන් විසින් ශ්‍රී ලංකාවේ ඉතිහාසය වෙනුවෙන් තිබෙන සාක්ෂි විනාශ කරන්නේ අධිරාජ්‍යවාදීන්ටත් වඩා දරුණු ලෙසය. දැන් හිරු නොබසින අධිරාජ්‍යයක් නැත. දැන් තිබෙන්නේ නිදහස් නිවහල් ශ්‍රී ලංකාවකි. නමුත් සිදුවන් සහ සිදුව තිබෙන විනාශය මිය ගිය එංගලන්ත රැජිනගේ පරපුර කල විනාශයට වඩා දහස් ගුණයකින් වැඩිය.

අප දිගින් දිගටම ශ්‍රී ලංකාවේ පැරණි විහාර, දේවාල මෙන්ම පෞරාණික ස්ථානවල සිදුවන විනාශයන් සහ ඒවා නිසා ඉතිහාසය මෙන්ම බුදු දහමද විනාශ වන ආකාරය පෙන්වා දීම දිගින් දිගටම සිදුකරන ලදී. ඒවා සුරැකීම සදහා අපගේ කණ්ඩායම් ප්‍රසිද්ධියේ සහ අප්‍රසිද්ධියේ කටයුතු කරමින් සිටි. නමුත් වගකිව යුතු රාජ්‍ය නිලධාරීන් මර නින්දේය .

කෙසේ වෙතත් බෞද්ධ විහාර සහ දේවාල වලට සිදුවන සහ සිදුව තිබෙන හානි  මෙන්ම බුදුදහමට හානි වන ලෙස සිදුකර තිබෙන කටයුතු සොයා බලා අවශ්‍ය කටයුතු කිරීමට අති ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමුව තිබෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.

එහි පළමු පියවර ලෙස බදුල්ල සොරගුනේ කුඩා කතරගම දේවාලයේ සිදුව තිබෙන විනාශයන් සොයා බලා නිසි ලෙස පරීක්ෂණ කරන ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස් වෙත ජනාධිපති ලේඛම් කාර්යාලය ලිඛිතව දැනුම් දී තිබෙන අතර බෞද්ධ කටයුතු කොමසාරිස් තමන්ගේ බේරීම උදෙසා එය අපරාධ පරීක්ෂණ දෙපර්තමෙන්තුවට යොමු කර තිබේ. සොරගුණේ නින්ද ගම ජනතාව කර තිබෙන කිසිදු පැමිණිල්ලක් නිසි ලෙස විභාග කර එහි ජනතාවට නිදහසේ ජීවත් වීමට අවශ්‍ය පරිසරයව්ත් නිර්මාණය කිරීමට බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම අසමත්ව තිබේ. අඩුම තරමින් මූලික විමර්ශනයක්වත් සිදුකර ඔහුගේ වැඩ තහනම් කිරීම වෙනුවට ඔහු සිදුකලේ එහි චන්දය නොපවත්වීමයි. චෝදනා එල්ලවන බස්නායක නිලමේවරයාගේ දූර කාලය දිග කිරීමට ඔහු කටයුතු කලේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග සමග එකතුව හිටපු ජනාධිපති ලේඛම් සමග එකතුවය.

සොරගුණේ ජනතාවගේ ප්‍රශ්න ඇසීමට ගිය අපගේ කණ්ඩායමක්

එසේම මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ, බදුල්ල පත්තිනි, අලවතුවල, බලන්ගොඩ අලුත් නුවර ආදී දෙවාල වල මෙන්ම දැනට බස්නායක නිලමේවරුන් ලෙස කටයුතු කරන බොහෝ දෙනෙකුගේ දූෂිත චෝදනා සියල්ලම විභාගයට ගැනීමට අවශ්‍ය කමිටු හෝ විමර්ශන කොමිෂම් සභා පත්කරන ලෙස බෞද්ධ හිමිවරුන්ද විශාල වශයෙන් ඉල්ලීම් කර තිබෙන බවද වාර්තා වේ.

රට රැකීමට නම් දැන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදුකල යුත්තේද එයමය. රට වෙනුවෙන් දේව ආශිර්වාදය ලබා ගැනීමට නම් ප්‍රථමව කල යුත්තේද හිමිවරුන්ගේ වේශයෙන් සිටින ගිහියන් විහාර වලින් පලවා හරිමින් දේවාල වල සිටින බස්නායකලා, මොහොට්ටාලලා ඇතුළු පාලකයන්ගේ දූෂණයන් සහ වැරදි සොයා ඔවුන් දේවාල වලින්ද පලවා හැරීමය. ඉන් අනතුරුව රටට යහපත් කාලයක් උදාවනු ඇත.

Exit mobile version