විරෝධතාකරුවන් විසින් කොල්ලුපිටියේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධියට අදාළව පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (01) රාත්‍රියේ දී පිලියන්දල සහ නාරාහේන්පිට ප්‍රදේශවලදී අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ පුද්ගලයින් වයස අවුරුදු 18 සහ 22 යන වයස්වල පසුවන මඩපාත සහ කොළඹ 05 ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තා වේ.
පසුගිය 09 වනදා පැවති විරෝධතා අරගලය අතරේ දී ජනාධපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීම සිදු වූ අතර එහිදී ඔහුගේ නිවසට දැඩි අලාභහානි සිදුවිය.
නිවස තුළ තිබූ ඔහුගේ පෞද්ගලික පුස්තකාලය ද අදාළ ගින්නෙන් විනාශ වී ඇත.
