ජනපති සහ කැබිනට් මණ්ඩලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා – රනිල්ට එරෙහිව දෝෂාභියෝගයක් !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අමාත්‍ය මණ්ඩලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව ජාතික ජන බලවේගය පක්ෂයේ විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ එරෙහිව දෝෂාභියෝගයක් ගෙන හැකියාවක් පවතින බවයි ඔහු පෙන්වා දෙන්නේ.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ව්‍යවස්ථා විරෝධීව කටයුතු කළ කැබිනට් මණ්ඩලය සම්බන්ධයෙන්ද යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට හැකියාව පවතින බවයි.

රටේ මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් අනීතික සහ ව්‍යවස්ථා විරෝධී මැදිහත් වීම් රැසක් මේ වන විටත් ජනපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසින් සිදු කර ඇති බවත් ඒ අතර වාරයේ ජනතාව මුලා කිරීම සඳහා නාටකයක් රඟ දැක්වෙමින් ඇති බවත් ඔහු මෙහිදී සඳහන් කර තිබෙනවා.

🔴

Exit mobile version