ජනප්‍රිය පාසලක අමානුෂික පහරදීමක්.

ඊයේ (11) දහවල් අනුරාධපුර ප්‍රදේශයේ ජනප්‍රිය පාසලකට ඇතුළු වූ පිටස්තර කණ්ඩායමක් විසින් පාසලේ සිසුන් පිරිසකට අමානුෂික ලෙස පහර දී ඇති බව වාර්තා වේ.

ඒ ඊයේ (11) සවස පාසලේ උසස් පෙළ සිසුන් සදහා පැවති අමතර පන්ති කාලවේලාවක් තුළයි.

යතුරුපැදි හිස්වැසුම්වලින් සිසුන් දෙදෙනෙකුට සිදු කළ පහර දීමකින් තුවාල ලබා ඔවුන් දෙදෙනා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩි දුර විමර්ශන කටයුතු අනුරාධපුර පොලීසිය විසින් සිදු කරන බව සදහන්.

Exit mobile version