සරසවි ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයෙන් වැඩ බලන ජනපතිට ලිපියක් යොමුකරමින් තම අප්‍රසාදය පල කර තිබේ. එම ලිපියෙන් ව්‍යවස්ථාවනුකූලමය සහ දේශපාලනමය අර්බුධයකට දායක නොවන ලෙස සදහන් කර තිබේ.
එම ලිපියෙන් කථානායකවරයා සහ පාර්ලිමේන්තුව සමග සාකච්ඡා කර වහාම ධුරයෙන් ඉල්ලා අස්වීමට සුදුසු පියවර ගන්නැයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම්දී තිබේ.
එහි තව දුරටත් සදහන් වන්නේ අඳුරට මුවාවී රටින් පලාගිය අපකීර්තිමත් ජනාධිපතිවරයෙකු විසින් වික්‍රමසිංහ මහතාට වැඩ බලන ජනාධිපති ධුරය පිරිනමා ඇති බවයි.
මේ තත්ත්වය යටතේ ඇති එකම විකල්පය වැදගත් හා ගෞරවනීය ලෙස තනතුරින් ඉවත් වීම බවත් රට තවදුරටත් අස්ථාවර කරන ව්‍යසනකාරී ව්‍යවස්ථාමය සහ දේශපාලනමය අර්බුදයකට දායකවීමෙන් වළකින ලෙස ද ඔවුන් ඉල්ලා තිබේ.
20 වැනිදා පාර්ලිමේන්තුව රැස්වන විට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් නොවීම,විධායක ජනාධිපති තනතුරේ බලතල කිසිදු අවස්ථාවක ජනතාව වෙත ප්‍රචණ්ඩත්වය හා මර්දනය යොමුකිරීම සඳහා අත්තනෝමතික ලෙස යොදා ගැනීමෙන් වැළකීම, ආදී ඉල්ලීම් කිහිපයක්ද එහි සදහන් වේ.
