2021 ජනවාරි මාසයට සාපේක්ෂව 2022 ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයනය ඇමරිකන් ඩොලර් මිලියන 1,062.63 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
එය 13% ක වැඩි වීමක් ලෙස දැක්වේ.
එමෙන්ම 2020 ජනවාරි මාසයට සාපේක්ෂව 5.7% ක වැඩි වීමකි.
2022 ජනවාරි මාසයේදී අපනයන කාර්යසාධනය කැපී පෙනෙන වර්ධනයක් අත්කරගෙන ඇති බවත් ප්‍රධාන අපනයන ක්ෂේත්‍ර සියල්ලම පාහේ දිරිගන්වනසුලු ප්‍රවණතා පෙන්නුම් කර ඇති බවත් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සුරේෂ් ඩී ද මෙල් මහතා ප්‍රකාශ කර ඇත.
