ජනාධිපති මන්දිරය තුළ තිබී සිවිල් ජනතාවට හමු වූ රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂ පනස් දහසක මුදල සම්බන්ධයෙන් අද (11) අධිකරණය දැනුවත් කිරීමට නියමිතව ඇත.
මෙම මුදල මේ වන විට කොටුව පොලිසිය භාරයේ පවතින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
පසුගිය 09 වනදා මහජනතාව විසින් අත්පත් කරගන්නා ලද ජනපති මැදුර තුළ තිබී මෙම මුදල් හමුවූ බවත් එය මන්දිරයට ගොස් භාර ගන්නා ලෙසත් කොළඹ මධ්‍යම කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට උපදෙස් ලබා දී තිබිණ.
අදාළ උපදෙස් අනුව ස්ථානාධිපතිවරයා තවත් නිලධාරීන් කිහිප දෙනෙකු සමග ගොස් එම මුදල් නිසි පරිදි භාර ගැනීමට කටයුතු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වාර්තා කරයි.
