ජනාධිපති රනිල් රිවර්ස් වෙන්න පටන් අරගෙන. අති විශේෂ ගැසට්ටුව අවලංගු කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසු ගියදා රාජ්‍ය රහස් පනත යටතේ ප්‍රකාශයට පත්කරන ලද අධි ආරක්ෂක කලාප පිලිබදව වන ගැසට් පත්‍රය මීට සුළු මොහොතකට පෙර අවලංගු කර තිබේ. ඒ තවත් ගැසට් පත්‍රයකිනි.

කෙසේ වෙතත් එම ක්‍රියාමාර්ගයට එරෙහිව විවිද කණ්ඩායම් කටයුතු කල අතර එය අවලංගු කිරීම කාලෝචිතය. එසේම ජනාධිපතිවරයා විසින් තරුණයන්ට එරෙහිව කරගෙන යන ක්‍රියාවලියද නවතා සියලුම කටයුතු සාකච්චාකර විසදීමට අවධානය යොමු කල යුතුව තිබේ. කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අත් අඩංගුවට ගෙන තිබෙන වසන්ත මුදලිගේ ඇතුළු තරුණ පිරිස නිදහස් කල යුතු අතර ඉන් නැග එන අරගලවලට සමු දිය හැකිය. එසේම යම් රාජ්‍ය විරෝදී කුමන්ත්‍රණ කරුවෙකු එම තරුණයන්ගේ ජීවිතවලට යම් හානියක් සිදුකලහොත් එයද යන්නේ ජනාධිපති රනිල්ගේ ගිණුමටය.

එසේම උද්ඝෝෂණවලට වලට පහරදීම දීම සේම විවිධ පරීක්ෂණ ඔස්සේ තරුණ පිරිස් මෙන්ම විවිධ පීඩාවන්ට ලක්ව සිටින ආරක්ෂක අංශ සාමාජිකයන්ටද පීඩා කිරීම් වලක්වා සැබෑ වැරදිකරුවන්ට දඩුවම් දිය යුතුව තිබේ. කෙසේ වෙතත් රජය සමහර දේශපාලඥයන්ගේ ක්‍රියාවල් නිසා ජනාධිපතිට රට පාලනය කරන්නට වන්නේ දැඩි සංයමයකිනි. එසේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කල යුතුව තිබුනේ දිවුරුම් දුන් දිනයේම ගාලු මුවදොරට පහර දීම නොවේ. එම පහරදීම නිසා මෙම ගැටලුකාරී තත්වය නැවත නැවතත් ඇතිවෙමින් පවතී. භාණ්ඩ මිල පැවති මිලටම රැගෙන එමින් ඉන්ධන මිලද පැවති මිලට ගෙන ඒමෙන් ජනතාවගේ පීඩාවන් ටිකෙන් ටිකෙන් ගිලිහි යනු ඇත. ජනාධිපවරයා කල යුත්තේද එයමය.  

https://www.youtube.com/watch?v=ME4hCAS7s7Q  

Exit mobile version