ජපන් අගමැතිට දුම් බෝම්බ ප්‍රහාරයක්.

ජපාන අගමැතිගේ ප්‍රධානත්වයෙන් වකයාමා හි පැවති මහජන හමුවක් අතරතුර දී ජපාන අගමැති ෆුමියොඉ කිෂිඩා ඉලක්ක කර දුම් බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .

එම දුම් බොම්බ ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා ආරක්ෂක අංශ භාරයට ගෙන ඇති අතර අගමැතිවරයා ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවතට ගෙන යාමට එරට ආරක්ෂක අංශ කටයුතු කර තිබේ.

මෙවැනි අවස්ථා ජපානයේ දුලබ වුවද මේ වන විට එරට දේශපාලඥයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවිනිශ්චිතභාවයක් පවතින බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

( ඡායාරූප අන්තර්ජාලයෙන් )

Exit mobile version