ජපානයේ නාගසාකි වෙරළාසන්නයේ නැවක් මුහුදුබත්වේ.

භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ජපානයට ආසන්න මුහුදේදී ගිලී ඇති බව විදෙස් මද්‍ය වාර්තා කර තිබේ.

“JINTIAN “ නමැති මෙම නෞකාව ටොන් 6551 ක් පමණ බරකින් යුත් භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබියදී මෙලෙස අනතුරට පත්ව ඇතිඅතර එහි සිටි කාර්ය මණ්ඩලයේ 13 දෙනකු ජපාන වෙරළාරක්ෂක භටයන් විසින් මුදාගෙන ඇතිබවත් තවත් 9 දෙනකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවත් වාර්තා වේ.

මෙම නෞකාවේ කාර්ය මණ්ඩලය 22 ක් සිටිබවත් ඉන් 14 දෙනකු චීන ජාතිකයන් ද 8 දෙනකු මියන්මාර ජාතිකයන් බවද වාර්තාවේ.

චායාරූප අන්තර්ජාලය ඇසුරෙන්

Exit mobile version