ප්‍රබල භූ කම්පන තත්ත්වයක් ජපානයට බලපා ඇති බව වාර්තා වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට Miyako නගරය ආශ්‍රිතව මෙම භූ කම්පනය හටගෙන ඇති බවයි.
එම වාර්තා වැඩිදුරටත් පෙන්නුම් කළේ භූ කම්පනයේ අගය රික්ටර් මාපකයේ ඒකක 05ක ප්‍රබලත්වයක් ගෙන ඇති බවට සටහන්ව ඇති බවයි.
මේ වන තෙක් භූ කම්පනයෙන් සිදුව ඇති හානි පිළිබඳ තොරතුරු වාර්තා වී නොමැති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරයි.
