ජර්මනියේ පුද්ගලයින් 07 දෙනෙකු වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයා මානසිය රෝගීයෙකු බව වාර්තා වේ.
මෙම 35 හැවිරිදි ඝාතකයා ජර්මනියේ නගරයක පැවති ආගමික රැස්වීමකට කඩා වැදී වෙඩි තබා පුද්ගලයන් ඝාතනයට යොදා ගත් ගිනි අවියට එරට බලපත්‍රයක්ද හිමිව ඇති බවයි වාර්තා වන්නේ.
වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයන් 08 දෙනෙකු තුවාල ලබා ඇති අතර එහි මාස හතක් වන ගැබිනි කාන්තාවක් සිටින බවත් වෙඩි තැබීම හේතුවෙන් කුස තුල සිටි දරුවා මියගොස් ඇති බවත් වාර්තා වේ.
මෙම සිදුවීමත් සමග එරට ගිනි අවි සන්තකයේ තබාගැනීම පිලිබද දැඩි ලෙස පාලනය කිරිම සඳහා නීති සැකසීමට පියවර ගන්නා බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.
