ජලය කැපෙන කොළඹ ප්‍රදේශ

කොළඹ ප්‍රදේශ කිහිපයක අද (24) දිනයේ පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බවත් ඒ අනුව කොළඹ 11,12,13,14, සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවත් ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසා තිබේ.

වාර්තා වන ආකාරයට අද පස්වරු 5 සිට හෙට (25) උදෑසන 9 දක්වා පැය 16ක කාලයක් එම ප්‍රදේශවලට ජලය සැපයීම මෙලෙස අත්හිටුවීමට නියමිත වේ.

අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතියේ සිදුකෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කර තිබේ.

Exit mobile version