ජල බිලට කුමක් වේද?

ජාතික ජල සම්පාදන හා අලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කොට ඇත්තේ විදුලි බිල ඉහළ දැමීම හේතුවෙන් ජල ගාස්තුවද ඉහළ දැමිය යුතු බවයි.

එම මණ්ඩලය වැඩිදුරටත් සදහන් කර ඇත්තේ ඒ සම්බන්ධව අවසන් තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවත් ඉදිරියේදී එසම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවත්ය.

ජලාශයේ සිට පාරිබෝගිකයා දක්වා ජලය බෙදාහැරීමට වැයවන මුදලෙන් 35% ක් ම වැයවන්නේ විදුලිය සදහා බැවින් ජලගාස්තු ඉහළ යා හැකි බවයි එම මණ්ඩලය ප්‍රකාශ කොට ඇත්තේ.

Exit mobile version