ජාතික ජන බලවේගය විසින් ඊයේ (26) සංවිධානය කරන ලද විරෝධතාව අතරතුර දී තුවාල ලද එම පක්ෂයේ නිවිතිගල ප්‍රාදේශීය සභා මන්ත්‍රී ධුර අපේක්ෂක නිමල් අමරසිරි මහතාගේ අභාවය සම්බන්ධයෙන් 43 සේනාංකයේ සාතිශය සංවේගය මින් පළ කරමු.
ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද අයිතිය වෙනුවෙන් වූ මෙම විරෝධතාවය අතරතුර ආණ්ඩුවේ ප්‍රහාරය නිසා සිදුවූ මෙම අවාසනාවන්ත සිදුවීම හදිසි අනතුරක් ලෙස නොව ඝාතනයක් ලෙස සැළකීමට අපට සිදුව ඇත. මෙය ජනතාවගේ ප්‍රජා අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය වීමකි. ආණ්ඩුවේ මෙම මර්දන ක්‍රියාවලිය 43 සේනාංකය තරයේ හෙලා දකියි.
ජනතා අයිතිවාසිකම් සම්බන්ධයෙන් කිසිදු සැළකිල්ලක් ගරුත්වයක් නොදක්වමින් ද, ජනතාව පීඩනයෙන් පීඩනයට පත් කරමින් ද, ආණ්ඩුව ගෙනයන මේ මර්දනකාරී වැඩපිළිවෙල සමාජය ප්‍රචණ්ඩත්වය කරා ගෙනයමින් තම ජන පීඩක ගමන ඉදිරියට ගෙනයාමේ ආණ්ඩුවේ දුෂ්ට ක්‍රියාන්විතයේ කොටසක් ලෙස ද 43 සේනාංකය සළකයි
මෙවැනි සිදුවීම් මගින් රටේ දේශපාලනය ප්‍රචණ්ඩකාරී තත්ත්වයකට යොමු විය හැකි බැවින් එවැනි ප්‍රචණ්ඩකාරී තත්ත්වයන්ට යොමුකිරීමෙන් වළක්වාගැනීමට වගබලා ගන්නා ලෙස සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිමු.
43 සේනාංකය













































