ජාත්‍යන්තර අරමුදලෙන් පාකිස්තානයට ඩොලර් මිලියන 700ක්

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් පාකිස්තානයට දෙවන වාරිකය ප්‍රධානය කිරීමට තීරණය කර තිබෙන අතර එලෙස ඩොලර් මිලියන 700ක් ප්‍රධානය කිරීමට නියමිත බව වාර්තා වේ.

පාකිස්තානයේ පවතින මුල්‍ය අර්බුදතා මඟහරවා ගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මඟින් ඩොලර් බිලියන 03ක මුදලක් ද පසු ගියදා ලබා දී තිබේ.

පාකිස්තාන බලධාරීන් සමඟ පැවැත් වු සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව දෙවන වාරිකය පිරිනැමීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Exit mobile version