ශ්‍රී ලංකාවේ ගාලු මුවදොර ඇතුළු විවිධ ස්ථානවල තිබෙන උද්ඝෝෂණ ලෝකයට ගෙන යාම සදහා ජාත්‍යන්තර මාධ්‍ය නියෝජනය කරමින් මාධ්‍යවේදීන් විශාල ප්‍රමාණයක් පැමිණ තිබෙන බවා වාර්තා වෙයි.
ඒ අනුව ඉදිරියේදී ශ්‍රී ලංකාවේ අරගල පිලිබදව තව දුරටත් ලෝකයාගේ අවධානය යොමු වීම වනු ඇති අතර ඉතිහාසය තුල ලියවෙන අරගල භූමියක් බවට ශ්‍රී ලංකාව පත් වනු ඇත.
එසේම BBC වැනි මාධ්‍ය ආයතන නියෝජනය කරන ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් ට අමතරව මෙසේ සැලකිය යුතු පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
එසේම ආරක්ෂක අංශ මෙන්ම අනෙකුත් ක්‍රියාකාරී ආයතනවලට වැඩි අවධානයක් ගෙන කටයුතුකිරීමට සිදුවනු ඇත.
