කොළඹ ජාතික රෝහලේ ශල්‍යාගාරයක සිවිලිමේ සගවා තිබියදී රුපියල් මිලියන 09ක් වටිනා ශල්‍ය උපකරණ තොගයක් හමුවී ඇති බව වාර්තා වේ.
පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී විගණකාධිපති ඩබ්ලිව් පී.සී.වික්‍රමරත්න මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.
තවද ඔහු පවසා සිටින්නේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස බලධාරීන්ට පැවසුවද එය ඉටුවී නොමැති බවයි.
එම නිසා ඒ පිළිබඳව විමර්ශණය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී එම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු හෙළිකර ගැනීමට කටයුතු කරන ලෙසද දැනුම් දී තිබේ.
