මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇති බවට මහජන ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
අමාත්‍ය ටිරාන් අලස් සදහන් කළේ දිවයින පුරා ඒ සම්බන්ධයෙන් මේ වන විටත් සෝදිසි මෙහෙයුම් සහ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවයි.
වසරේ මේ දක්වා වූ කාලය තුළ මනුෂ්‍ය ඝාතන 255ක් සිදුව ඇති බැවින් පසුගිය වසරට සමාන මනුෂ්‍ය ඝාතන සංඛ්‍යාවක් මේ වසරේදීත් සිදුව ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කර තිබේ.
