ලංකාව සම්බන්ධයෙන් ජිනීවා හි පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේ දී ගෙන ආ නව යෝජනාව වැඩි ඡන්ද 13කින් සම්මතවී ඇත.
එම යෝජනාවට පක්ෂව ඡන්ද 20ක් ද විපක්ෂව ඡන්ද 07 ක් ද ලැබී තිබූ අතර සාමාජික රටවල් 20ක් යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී තිබුණි.
මේ අතර චීනය සහ පාකිස්ථානය මානව හිමිකම් මණ්ඩලයේ දී ශ්‍රී ලංකාවට සහාය දක්වමින් අදහස් පළ කර ඇති අතර ජපානය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේ ය.
