ජීවන් කුමාරතුංග ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තමන් විසින් දරන ලද සියලු තනතුරුවලින් ඉල්ලා අස්වන බව එම පක්ෂයේ උප සභාපති ජීවන් කුමාරතුංග මහතා ප්‍රකාශ කර ඇත.

ඒ අනුව මේ වන විට තම ඉල්ලා අස්වීම ලිඛිතව භාරදී අවසන් බව ද ඒ මහතා සඳහන් කර ඇත.

ජීවන් කුමාරතුංග මහතා අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කර ඇත.

පක්ෂ නායකයින්ගේ දෙබිඩි පිළිවෙත සම්බන්ධයෙන් පාක්ෂිකයින් දැඩි සේ කළකිරීමට ලක්ව ඇති බව ද එහි දී ජීවන් කුමාරතුංග මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

එමෙන්ම ඉදිරියේ දී කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් පිහිටවන ලද නව ලංකා නිදහස් පක්ෂය සමඟ එක්වන බව ද එම මහතා එහි දී වැඩිදුරටත් සඳහන් කර ඇත.

Exit mobile version