ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන්ඉරියව් ක්‍රීඩක ජීවන් මෙන්ඩිස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුගැනීමට තීරණය කරයි.
ඔහු සිය ට්වීටර් ගිණුමේ සටහනක් තබමින් මේ පිළිබඳ සඳහන් කර ඇත.
ජීවන් මෙන්ඩිස් එක්දින ජාත්‍යන්තර තරඟ 58කට සහභාගී වි කඩුලු 28ක් සහ ලකුණු 636ක් ලබාගෙන ඇති අතර මොහු 2010 වසරේ ජාත්‍යන්තර වරම් හිමිකර ගන්නා ලදී.
එමෙන්ම 20යි 20 ජාත්‍යන්තර තරඟ 22කට සහභාගී වි ඇති ජීවන් මෙන්ඩිස් කඩුලු 12ක් සහ ලකුණු 207ක් රැස් කර ගැනීමට සමත්විය.
2019 වසරේ ජුනි මස දකුණු අප්‍රිකාව සමග පැවති තරඟය ඔහු අවසන් වරට ජාත්‍යන්තර එක්දින තරඟයකට සහභාගී වූ අවස්ථාව ලෙස දැක්වේ.
