ජීවිතයක් බිළිගෙන රියදුරු බලපත්‍රය ජීවිතාන්තය තෙක් තහනම් වූ රියදුරා

මීගමුව මහේස්ත්‍රාත් අදිකරණය විසින් තරුණයෙකුගේ රියදුරු බලපත්‍රය ජීවිතාන්තය තෙක් අහෝසි කිරීමට නියෝග කර ඇත.

වයස අවුරුදු 20ක් වන රත්නපුර දිස්ත්‍රික්කයේ පදිංචිකාර තරුණයෙකුට මෙම දඬුවම් නියම කර ඇත.

ඒ බීමත්ව රියපදවා 36 හැවිරිදි කාන්තාවක් මරණයට පත් කිරීම ඇතුළු තවත් චෝදනා 06කට වැරදිකරු ලෙස පිළිගැනීමෙන් අනතුරුව ය.

තව ද එම සැකකාර තරුණයාට වසර 10කට අත්හිටවූ මාස 02ක සිරදඬුවම් සහ රු.50,000 දඩමුදලක් ද නියම කිරීමට මීට අදාළ නඩුව ඊයේ (19) මීගමුව මහේස්ත්‍රාත් චම්පික රාජපක්ෂ ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී කටයුතු කර ඇත.

එමෙන්ම එසේ මියගිය කාන්තාවගේ මවට, පියාට සහ ස්වාමිපුරුෂයාට ද ලක්ෂ 02ක වන්දියක් ගෙවන ලෙස ද එහි දී නියෝග කර ඇත.

Exit mobile version