ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභාව විසින් ජී.එල්.පීරිස් මහතා සභාපති ධූරයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ. විධායක සභා රැස්වීමට සහභාගි වන ලෙස ජි.එල්.පීරිස් මහතාට ලිඛ්තව දැනුම් දී තිබුණද ඊට ද සහභාගි නොවූ බව පක්ෂ ලේඛම්වරයා විසින් ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව පක්ෂයේ සභාපතිවරයා තෝරාගැනීම සදහා මේ වනවිට සුදුසු පුද්ගලයෙකු සොයා බලමින් සිටින අතර සිවිල් සමාජයේ පුද්ගලයෙකුද ඒ සදහා පත් කිරිමට සම්භන්ධයෙන්ද අවධානය යොමුව ඇති බවට වාර්තා වේ.ඒ අනුව ඉදිරි සතිය තුල විධායක සභාව රැස් වී තීරණයක් ගැනීමට නියමිත බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේඛම් සාගර කාරියවසම් මහතා වැඩ්දුරටත් පැවසු බවයි සදහන් වන්නේ.
