ජොන්ස්ටන්, සනත් නිශාන්ත ඇතුළු 22 ක් සාක්ෂි ඇත්නම් අත්ඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයාගෙන් CID යට නියෝගයක්

Statue of Justice with scales in lawyer office. Legal law, advice and justice concept

පසුගිය 9 වැනි දා කොළඹ ගාලුමුවදොර පිටියේ පැවති සාමකාමී මහජන විරෝධතාවට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් පුද්ගලයන් 22 නෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත,සංජීව එදිරිමාන්න සහ බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 22 කට ප්‍රමාණවත් සාක්ෂි ඇත්නම් අත්අඩංගුවට ගන්නා ලෙසයි  නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

Exit mobile version