ජෝ බයිඩ්න්ට විරෝධය .

චීන ජනාධිපති ෂී ජින් පින් ඒකාධිපතියෙක් බවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් කළ ප්‍රකාශයට චීනය දැඩි විරෝධයක් එල්ල කර ඇති බව වාර්තා වේ.

අමෙරිකානු රාජ්‍ය ලේකම් සිය චීන සංචාරය අවසන් කර සිය රටට යාමෙන් පසු ජනාධිපති ජෝ බයිඩ්න් මෙම ප්‍රකාශය සිදු කර තිබේ.

චීන බලධාරීන් ප්‍රකාශ කර සිටින්නේ අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය විකාර මෙන්ම ප්‍රකෝපකාරි එකක් බවත් මේ හරහා දෙරටේ සංහිදියාව තවත් පළුදු විය හැකි බවයි.

Exit mobile version