ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්,ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණ සටන සදහා වන සිය ඡන්ද ව්‍යාපාරය එළඹෙන සතියේ ආරම්භ කිරීමට සූදානම් වන බවට වාර්තා වේ.
2020 වසරේ ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජයට පත් කරමින් ජනපති ධූරයට තේරී පත් වූ ලොව වයස්ගතම ජනාධිපතිවරයා වූ මොහු නැවතත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ සූදානම පිළිබඳව විඩියෝ පටයක් මුදාහැරීම මගින් සිය මැතිවරණ ව්‍යාපාරය මෙවරත් ආරම්භ කරනු ඇති බවට සී.එන්.එන් පුවත් සේවය මගින් අනාවරණය කර තිබේ.















































