ටයිටන් සබ්මැරීනය පිපිරිලා ලු.

අතුරුදන්වූ ටයිටන් කුඩා සබ්මැරීනය ව්‍යසනකාරී පිපිරීමකට ලක්ව ඇති බවට ඇමෙරිකානු වෙරළාරක්ෂක බලකාය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ඒ අනුව එම කුඩා සබ්මැරීනය තුළ ගමන් කරමින් සිටි පුද්ගලයින් පස් දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බව සදහන්.

එසේම ඇමෙරිකානු වෙරළාරක්ෂක බලකාය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ කැනේඩියානු නෞකාවක මෙහෙයුම් කටයුතු අතරතුරදී ටයිටැනික් නෞකාව මුහුදුබත් වී ඇති ස්ථානය ආසන්නයේදී ටයිටන් කුඩා සබ්මැරීනයේ පසුපස කොටසක් සොයාගැනීම හරහා මෙම නෞකාව සෙවීමේ දැවැන්ත මෙහෙයුම් කටයුතු මේ වන විට අවසන් කිරීමට තීරණය කර ඇති බවයි.

Exit mobile version