ටයිටන් සුන්බුන් අතරින් මිනිස් සිරුරු කොටස් .

1912 දී මුහුදුබත්වූ ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට ගිය 5 දෙනෙකු රැගත් ටයිටන් යාත්‍රාව පසුගියදා විනාශයට පත්වූ බව සදහන්.

ඒ අනුව එම යාත්‍රාවේ සුන්බුන් කොටස් කිහිපයක් ඊයේ කැනඩාවේ ශාන්ත ජෝන් වරායට ගොඩබාගත් බවට ඇමෙරිකානු වෙරළාරක්ෂක බළකාය සදහන් කර තිබේ.

එම සුන්බුන් පරීක්ෂා කිරීමේදී මිනිස් සිරුරු කොටස් යැයි අනුමාන කළ හැකි දේ තිබූ බවට අද (29) වාර්තා වුණි.

ඇමෙරිකානු වෛද්‍ය විශේෂඥයින් ඒ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්වීමට නියමිත බවට ඇමෙරිකානු වෙරළාරක්ෂක බළකා ප්‍රධානීයා ප්‍රකාශ කර තිබේ.

Exit mobile version