කැලණිය කොහල්විල ප්‍රදේශයේ අවමංගල ශාලාවක් ඉදිරිපිට රෝද පුටුවක් මත මියගොස් සිටි පුද්ගලයෙකුගේ සිරුරක් කැලණිය පොලිසිය විසින් සොයාගෙන ඇති බව වාර්තා වේ.
එම පුද්ගලයා සන්තකයේ තිබී බැංකු පාස් පොතක් සොයාගෙන ඇති අතර එහි සදහන් ලිපිනය කොළඹ 14 ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශය බව හදුනාගෙන ඇති අතර කැලණිය පොලිසියේ නිලධාරින් විසින් එම ලිපිනය පරීක්ෂා කිරීමේදී එය ව්‍යාජ එකක් බවට තහවුරු වී තිබේ.
ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම පුද්ගලයාගේ දරුවන් යැයි කියාගන්නා පිරිසක් විසින් මොහු ගෙනැවිත් අතහැර දමා ගොස් ඇති බවයි.
මෙම පුද්ගලයාගේ අනන්‍යතාව සොයා කැලණිය පොලිසිය ඉදිරි විමර්ශණ සිදු කරනු ලබයි.
