ටිරන්ත වලලියද්දගෙන් CID යට කනේ පහරක්.(වීඩියෝ)

ව්‍යාපාරික දිනේෂ්  ෂාෆ්ටර් ඝාතනයේ විමර්ශන කටයුතු සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද සමග ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සිදු කරන ලද සාකච්ඡාවක් තුළින් මෙම විමර්ශන කටයුතු පිළිබඳ තොරතුරු රාශියක් හෙළිදරව් විය.

රටේ අපරාධ සම්බන්ධයෙන් සොයා බලා නීතිය ක්‍රියාත්මක කිරීමටත් වැරදි කරුවන් හැකි ඉක්මනින් නීතිය ඉදිරියට රැගෙන ඒමටත් ජනතා ආරක්ෂාව සුරැකීමටත් සිටින දෙපාර්තමේන්තු වගකීම් විරහිත අයුරින් කටයුතු කරන බවට අප ඉහතදී ද විවිධ පුවත් ඔස්සේ වාර්තා කළේය.

මෙම ව්‍යාපාරිකයාගේ  ඝාතනය සම්බන්ධ සියලු විමර්ශන කටයුතු ඉතාමත් මන්දගාමීව සිදු වන බවටත් ප්‍රබල සාක්ෂි පැවතියත් ඒවා නිසි ලෙස උපයෝගී කර නොගන්නා බවත් මෙහිදී ජනාධිපති නීතිඥවරයා විසින් කරන ලද ප්‍රකාශයත් සමගය.

සරලවම කිවහොත් CID ය මෙම විමර්ශන කටයුතු සිදු කරන්නේ නොන්ඩි ගගහ යන විලාසයකින් බවයි ඔහු ප්‍රකාශ කළේ.මෙසේ කරුණු කාරණා ඉතාමත් සෙමෙන් සිදු කිරීමට කවුරුන් හෝ විමර්ශන නොමග යැවීමට සැලසුම් කරන්නේ ද යන්න පිළිබඳව සැක පහළ කරයි.

නවතම විමර්ශන වලට අනුකූලව වාර්තා වී ඇත්තේ ෂාෆ්ටර් ගේ මවගේ නිවසේ තිබී ඔහුගේ ගෙල සිර කිරීමට යොදාගන්නා ලද ඇන්ටනා වයරේ ඉතිරි කොටසක් හමුව තිබූ බවයි.කෙසේ නමුත් සාක්ෂි ඉදිරිපත් වන ආකාරයේ කිසිදු සම්බන්ධයක් නොමැති බව පෙනී යන බවත් ප්‍රබල සාක්ෂි තිබියදී ඒවා භාවිතයට නොගෙන විමර්ශන කටයුතු සිදු කරන බවත් මෙහිදී නීතිඥවරයා පෙන්වා දෙන ලදී.

එමෙන්ම මරණ පරීක්ෂණ වාර්තාවේ ගෙල සිර වූවක් බවට සඳහන් කළ ද මරණ පරීක්ෂණය තුළින් මිනී මැරුමක් බවට ස්ථිර වශයෙන් සනාථ කර නැති බව ද සඳහන් වේ.

දැන් දැන් මෙම සිදුවීම සියදිවි නසා ගැනීමක් බවට සාක්ෂි පොළඹන අතර කවුරුන් හෝ විමර්ශන නොමග යැවීමට කටයුතු සැලසුම් කරමින් සිටින බවටත් සැක පළ කළ අතරම මෙය සිියදිවි නසා ගැනීමක් බවට කිසිසේත් සඳහන් කළ හැකි සාක්ෂි නොමැති බව ද ඔහු මෙහිදී ප්‍රකාශ කළේය.

සිය ගෙල වයරයකින් ගැට ගසා සිර කරගෙන මිය යාම සහ සිය දෙඅත් තවත් වයරයකින් ගැට ගා ගැසීම කිසිසේත් විය හැක්කක් නොවන බව ඕනෑම අවඥාසහගත අයෙක්ට වුවත් වැටහෙන කරුඛක්ව තිබිය දී විමර්ශන කටයුතු සඳහා බැඳී සිටින දැනුමැති නිලධාරීන් මෙවැනි මෝඩ තර්ක ඉදිරිපත් කරන්නේ කුමන් සාධකයක් පදනම් කරගෙන දැයි අපට සිතා ගත නොහැක.

තාක්ෂණය දියුණු වුවත් කෙතරම් සාක්ෂි පැවතියත් සරල සාධක විභාගයට නොගෙන වෙනත් නොමග යවන සාධක පසුපස යමිව් විමර්ශන කටයුතු ප්‍රමාද කිරීමට සැලසුම් කරන බවක් පෙනී මෙහිදී පෙනී යයි.කෙසේ නමුත් මෙම විමර්ශන කටයුතු පිළිබඳ අවධාන යොමු කළ විට මෙම සිදුවීම යට ගැසීමට යම් පාර්ෂවයක් උත්සහ දරන බවට කරුණු පැහැදිලි වේ.

Exit mobile version