ටෙලිකොම් ආයතනයේ කොටස් විකිණීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සමක් .

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රජය සතු කොටස් පුද්ගලික අංශයට විකිණීමට එරෙහිව අද ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ බවට වාර්තා වේ.

පෙත්සමෙන් වැඩිදුරටත් දක්වා ඇත්තේ සියයට 49 යි දශම 5ක කොටස් පෞද්ගලික අංශයට විකිණීමෙන් ,ජනතාවගේ සන්නිවේදන අවශ්‍යතා බහුතරයක් ඉටු කරනු ලබන ආයතනය රජයේ පාලනයෙන් ගිලිහී යනු ඇති බවයි.

මේ අනුව මෙම පෙත්සම මහජන උනන්දුවක් සහිත හදිසි කරුණක් ලෙස සලකා කඩිනමින් විභාගයට ගන්නා ලෙස පෙත්සම්කරුවන් ඉල්ලා තිබේ.

Exit mobile version