ඩිජිටල් උප්පැන්න , මරණ , විවාහ සහතික කඩිනමින්.

ඩිජිටල් උප්පැන්න , මරණ සහ විවාහ සහතික ඉතා ඉක්මනින් නිකුත් කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පුත්තලම දිස්ත්‍රික්කයේ උප්පැන්න , මරණ , විවාහ සහතික නොමැති පුද්ගලයින්ට අදාළ සහතික නිකුත් කිරීමේ ජංගම සේවාවට එක්වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.

” අලුත් ගමක් – අලුත් රටක් ” යන ජාතික වැඩසටහනට සමගාමීව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සහ රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව උප්පැන්න , මරණ සහ විවාහ සහතික නොමැති පුද්ගලයින්ට අදාළ සහතික පත් නිකුත් කිරීමේ ජංගම සේවාව දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලවල ක්‍රියාත්මක බව ද සදහන් වේ.

Exit mobile version