ඩීසල් බෙදාහැරීම යළි සීමා කෙරේ

ඩීසල් සීමාසහිත වීම හේතුවෙන් ප්‍රමුඛතා ලැයිස්තුවක් මත තෝරාගත් ඉන්ධන පිරවුම්හල් වෙත පමණක් ඩීසල් බෙදාහැරීම සිදුකරන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සමලේකම් කපිල නාඔටුන්න මහතා පවසයි.

මේ වන විට සංස්ථාව සතුව ඩිසල් මෙට්‍රික් ටොන් 40,000ක පමණ සංචිතයක් පවතින බැවින් දෛනිකව බෙදාහරින ඩීසල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 2,500ක් පමණ දක්වා අඩුකර ඇති බවයි ඔහු පවසන්නේ.

ඩීසල් තොගයක් ඇණවුම් කර තිබුණද එම තොගය ලබාදීම සම්බන්ධයෙන් සැපයුම්කරුවන් මෙතෙක් තහවුරු කර නොමැති බැවින් ලබන 9 වනදා හෝ 10 වන දිනට පැමිණීමට නියමිතව තිබූ ඩීසල් නෞකාව පැමිණීම අවිනිශ්චිතය.

ඉන්දීය ණය පහසුකම යටතේ මීළඟ ඩීසල් නෞකාව ලබන 16 වනදා මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

Exit mobile version