ඩීසල් මෙට්‍රික් ටොන් 37,500කට මුදල් වෙන්කෙරේ

බලශක්ති අමාත්‍යංශය විසින් සිංගප්පූරු සමාගමකට අයත් නෞකාවකින් රැගෙන ආ ඩීසල් මෙට්‍රික් ටොන් 37,500ක ප්‍රමාණයක් නිදහස් කරගැනීමට අවශ්‍ය ගෙවීම් සිදුකර ඇත.

ඒ අනුව ඊයේ (22) රාත්‍රියේ අමෙරිකානු ඩොලර් මිලියන 35.3ක් ඒ සඳහා ගෙවූ බව බලශක්ති අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත.

එමෙන්ම ඩීසල් තොගය ඉක්මනින් ගොඩබෑමට නියමිත බව අමාත්‍යංශ ප්‍රකාශකයෙක් වාර්තා කරයි.

Exit mobile version