ඩුබායි සුද්දා අත්අඩංගුවට.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශන ඒකකය විසින් ඩුබායි සුද්දා හෙවත් රන්කැටිගේ නිශ්ශංක ප්‍රියදර්ශන අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ විදෙස් සේවා නියුක්ති කාර්යංශයේ 37 වැනි වගන්තිය උල්ලංඝනය කිරීම හේතුකොටගෙන බවයි විදෙස් සේවා නියුක්ති කාර්යංශයේ මාධ්‍ය ප්‍රකාශක ගාමිණී සෙනරත් යාපා ප්‍රකාශ කළේ.

එමෙන්ම ඩුබායි සුද්දාට එරෙහිව නීති විරෝධීව පුද්ගලයන් විදෙස්ගත කිරීම ඇතුළු චෝදනා කිහිපයක් ම ඔහුට එරෙහිව එල්ල වී ඇති බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.

ඒ අනුව මෙසේ අත්අඩංගුවට ගන්නා ලද ඩුබායි සුද්දා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Exit mobile version