වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ පත්වීම් 300ක් අවහිර වීමෙන් ඩෙංගු ඇතුළු සියලුම පරීක්ෂණ ප්‍රමාදයි …… වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය.
වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ පත්වීම් අවහිර කිරීමෙන් රෝහල් රැසක් බාහිර රෝගී අංශ ඩෙංගු පරීක්ෂණ ප්‍රමාද වී ඇතැයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සදහන් කරයි.
මේ හේතුවෙන් හදුනා නොගත් ඩෙංගු රෝගීන් සහ රෝහල්ගත නොකරමින් ප්‍රතිකාර කළ යුතු ඩෙංගු රෝගීන් විශාල සංඛ්‍යාවක් රෝහල්ගත කිරීමට සිදුව ඇතැයි සංගමයේ සභාපති රවී කුමුදේශ් සදහන් කරයි.
මෙය දහගුණයකින් පමණ ප්‍රතිකාර මිල ඉහළ යාමක් සිදුවන අතර අත්‍යාවශ්‍ය රෝගීන් කෙරෙහි ඇති අවදානය අඩු වීමට හේතුවක් වන්නේ යැයිද හෙතෙම පෙන්වාදේ.
සුදුසුකම් සැපිරූ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන් 300 ක් පමණ රැකියා විරහිතව සිටින අතර ඔවුන්ට කඩිනමින් සේවයට බදවා ගන්නේ නම් බාහිර රෝගි අංශයේ ඩෙංගු පරීක්ෂාවන් දිනාඩි 30 කට වඩා අඩු කාලයකදී කර දීමට හැකිවනු ඇතැයි කුමුදේශ් පවසා සිටී.
කඩිනමින් ප්‍රතිකාර ක්‍රමවේදයන් තහවුරු කිරීම මගින් අනවශ්‍ය රෝහල්ගත කිරීම් හේතුවෙන් සහ නිසි හදුනාගැනීම් නොමැති වීම හරහා ඇතිවන සංකූලතාවන් රැසක් අවම කර ගැනීමට හැකිවන බවද සභාපතිවරයා පෙන්වාදේ.
කෙසේ නමුත් මෙම බදවා ගැනීම් සදහා අවසර ලබා දෙන ලෙස සෞඛ්‍ය ලේකම්වරයා මුදල් අමත්‍යාංශ ලේකම්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකර මාසයකට ආසන්න කාලයක් ගතවී ඇතත් ඒ පිළිබදව මේ වන තෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවද සංගමය සදහන් කරයි.
( ලංකා සර )
