ඩෙංගු මර්දන සහයකයින් පිරිසක් සත්‍යග්‍රහයක.

ඩෙංගු මර්දන සහයකයින් පිරිසක් මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ගොඩනැගිල්ලක වහලක් මත නැගී සත්‍යග්‍රහයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

දින තුනක් ඇතුළත සිය රැකියා ස්ථීර කර සිය ගැටළුවලට විසදුම් ලබා දෙන ලෙස ඉල්ලමින් මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට අනුයුක්ත ඩෙංගු මර්දන සහයකයින් 06 දෙනෙකු මෙලෙස සත්‍යග්‍රහයක නිරත වන බව සදහන්.

Exit mobile version